ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කළමණාකරු තනතුර වෙනස් වෙයි , නව පුහුණු කළමණාකරු විදේශිකයෙක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක පුනරුත්ථාපන හා පුහුණු කළමනාකරු ලෙස විදේශීය කලමනාකරුවෙකු පත් කර තිබේ. ඒ අනුව එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ භෞත චිකිත්සකවරයකු ලෙස සේවය කළ පෝල් කූරි එම තනතුරට පත්වී තිබේ.

වසර දෙකක කාලයක් සඳහා එම තනතුරට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුමකට එළැඹී ඇති පෝල් කූරි කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පිහිටා ඇති ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුබද්ධව සේවය කිරීමට නියමිතව තිබේ.

ආබාධයන්ට ලක්ව සිටින ඇන්ජිලෝ මැතිව්ස්, ශෙහාන් මධුශංක හා අසේල ගුණරත්න යන ක්‍රීඩකයන්ගේ ආබාධයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් සිය රාජකාරී ආරම්භ කරන කූරි ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම අවම කරගැනීම සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක්ද සැලසුම් කර ඇති බව පැවැසේ.

නව පුහුණු කළමනාකරු ලෙස පත්කර ඇති පෝල් කූරි 2008 වසරේ සිට ඉහළ ශේ්‍රණියේ ක්‍රීඩා ක්‍රියාකාරකම්වලට අදාළව කටයුතු කරන ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකි.

Comments