අපිට ගහන්න බංග්ලාදේශය යළි අපේ පුහුණුකරුවෙක් කැඳවයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චම්පක රාමනායක පත් කර තිබෙනවා.

ඒ නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහායි.

චම්පක රාමනායක මීට පෙර වසර කිහිපයක් බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස සේවය කළා.

චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරුධුරයෙන් ඉවත්වීමෙන් පසු බංග්ලාදේශයට තවමත් ප්‍රධාන පුහුණුකරුවකු සොයා ගැනීමට නොහැකි වී ඇති අතර හතුරුසිංහ ධුරයෙන් ඉවත් වුනේ පසුගිය නොවැම්බර් මාසයේදී.

Comments