ශ්රී ලංකා කණ්ඩායම සාර්ථක බංගලාදේශ සංචාරයක් අවසන් කර ඊයේ ශ්රී ලංකාවට පැමිණි අතර එම අවස්ථාවේ පැවති මාද්ය හමුවේ අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ පවසා තිබුනේ එළඹෙන නිදහස් කුසලාන තරඟාවලියට ක්රීඩා කරන කණ්ඩායම වෙනස් විය හැකි බවය.මෙම හමුවේදී ක්රිකට් පාලක මණ්ඩල සභාපති තිලංග සුමතිපාලද අදහස් දක්වා තිබිණි.
ශ්රී ලංකාව, බංගලාදේශය හා සිම්බාබ්වේ සමඟ පැවැත්වූ තුන්කොන් ක්රිකට් තරගාවලිය, බංගලාදේශය සමඟින් පැවැත්වූ ටෙස්ට් හා විස්සයි විස්ස තරග දෙකම ජයග්රහණය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වූයේ කලකට පසුව නැවතත් ශ්රී ලංකා ප්රේක්ෂකයින් ක්රිකට් ක්රීඩාව දෙසට නම්මා ගනිමිනි.
ශ්රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්රීඩක ෂෙහාන් මධුශංකට නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය අහිමි වන බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්බ්රෝයි පවසනවා.
ෂෙහාන් බංගලාදේශ කණඩායම සමග පැවැති අවසන් විස්ස 20 තරගයේදී පාදයේ අබාධයට ලක්වූ අතර එහිදී ප්රතිවාදීන්ගේ කඩුලු 02ක් බිද හෙළීමටද ශෙහාන් සමත්විය.
එම අබාධය හේතුවෙන් මාසයක පමණ කාලයක් ශෙහාන් ට ක්රිකට් අහිමි වන බව ලැබ්රෝයි මහතා පවසා සිටියේය.
කෙසේ වෙතත් ශෙහාන් වෙනුවට කණ්ඩායමට කැදවන ක්රීඩකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති අතර විචාරකයින් පවසන්නේ බොහොදුරට ලසිත් මාලිංග නිදහස් කුසලානය සදහා කණ්ඩායම කැදවනු ඇති බවයි.
Comments
Post a Comment