එළඹෙන මාර්තු මස 06 වනදා ඇරඹෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමී ඇති බව වාර්තා වෙනවා. ඔහුගේ වම් උරහිසේ ආබාධයක් නිසා පසුගියදා බංග්ලාදේශය සමග පැවැති විස්සයි විස්ස තරගාවලියේදීද ඔහුට ක්‍රීඩා කිරීම අහිමිව ගියා.
බංග්ලාදේශය සමග පැවැති අවසන් විස්සයි විස්ස තරගය අතරතුරදී ඔහු කලවේ අබාධායක් නිසා පිටියෙන් ඉවත්වූ අතර ඔහුගේ ආබාධය පිළිබඳ එම්.ආර්.අයි.පරික්ෂණයක් ඊයේ දිනයේදී පැවැත්වුනා. ඒ අනුව එළඹෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය ඔහුට අහිමි වනවා.
එසේම වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක ශෙහාන් මධුසංඛට ද නිදහස් කුසලාන තරගාවලිය අහිමි වීමේ අවදානමක් ඇති බවට පසුගියදා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුනා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම්වල නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, වේගපන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් ද ආබාධවලට ලක්වි සිටි අතර නිදහස් කුසලාන තරගාවලියට ඔවුන්ගේ සහභාගිත්වය ලබන 26 වැනිදා පැවැත්වෙන ශාරිරික යෝග්‍යතා පරික්ෂණයෙන් පසුව තීරණය කරන බවයි සඳහන් වන්නේ.
Comments
Post a Comment