ඊයේ කරපු දෙයක් නිසා දසුන් ශානකට ICC යෙන් දඩ - “ඔව්, මං පිටිය මැදදී එහෙම කරා” – දසුන් ශානක වරද පිළිගනී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වෙද්දී ඉන්දියාවේ නාග්පුර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඊයේ තිබුන තරඟයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට තහවුරුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට දඩ පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ ගැන දසුන් ශානක එයාගේ වරද පිළිගෙන තියෙනවා.
ඒ අනුව දසුන්ට තරඟ ගාස්තුවෙන් 75% ක දඩයක්, ජගත් ක්‍රිකට් කවුන්සිලට ගෙවන්න වෙනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ නාග්පූර්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (25) දිනයේ තරගයේ 50 වන පන්දුවාරයේ දී මේ සම්බන්ධයෙන් තරග විනිසුරුවරුන් විසින් නිරීක්ෂණය කර ඇති බව සඳහන්ය.
ඒ පිළිබඳ තරග තීරකට දැනුම් දීමෙන් අනතුරුව දසුන් ශානක තරග නීතිරීති උල්ලංඝණය කර ඇති බවට තහවුරු කර තිබේ.
මෙම වරද වසර දෙකක් ඇතුළත යළි සිදුකළ හොත් දසුන් ශානකට ජාත්‍යන්තර තරග තහනමකට ලක්වීමට සිදුවනු ඇති බව සඳහන්ය.
Comments
Post a Comment