පාකිස්තානයට යන්න බෑ කියූ උපුල් නායකත්වයෙන් ඉවතට - නව නායකයා ක්‍රිකට් පරිපාලන‍යේ සිත්ගත් තිසර පෙරේරා ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමීත ඕවර් නායකත්වය වෙනස් කිරීමට ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමීත ඕවර තරග සදහා නායකත්වය ලබා දෙන්නේ උපුල් තරංග විසින්, පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව මවුබිමේදී සිම්බාබවේ කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි පරාජයක් ලැබූ අතර (3-2)ක් ලෙස , ඉන්පසුව එවකට නායකයා ආන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් ඉල්ලා අස් වුණා.

ඉන්පසුව කණ්ඩායම අසීරු අඩියක වැටී සිටි අවස්තාවේ කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය දිනේෂ් චන්දිමාල් ට හිමි වූ අතර , සීමීත ඕවර තරග සදහා නායකත්වය උපුල් තරංගට හිමි වුණා,ඒ අනුව එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී පාකිස්තාන් කණ්ඩායම 2-0ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත් අතර , තරගාවලියේ තෙවෙනි හා අවසන් විස්සයි විස්ස තරගය පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කර තිබුනා.

කෙසේ වෙතත් පාකිස්තානයේ ආ‍රක්ෂක තත්වය සළකා බැලු , ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක උපුල් තරංග ඇතුලු ක්‍රීඩකයන් පිරිසක් පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කළා.

ඉන්පසුව කණ්ඩායමේ නායකත්වය ලබා ගෙන පාකිස්තානයේ සංචාරය කිරීමට තිසර පෙරේරා , ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සමග එකග වු අතර සම්පූර්ණ විස්සයි විස්ස තරගාවලියම නායකත්වය දැරුවේ තිසර පෙරේරා විසින්, කෙසේ වෙතත් 3-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත් වූවත් , ක්‍රිකට් පරිපාලනය සමග එක්වෙමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගත් තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශංසාවට ලක් වූ අයුරුද දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම සමග එළබෙන එක්දින සංචාරය සදහා , උපුල් තරංග නායකත්වයෙන් ඉවත් කොට නව නායකත්වයකින් තරග වැදීමට ග්‍රැහැම් ලැබ්‍රෝයී ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අනුව පාකිස්තාන සංචාරය සදහා ක්‍රිකට් පරිපාලනය සමග එකග වූ තිසර පෙරේරාට ශ්‍රී ලංකා නායකත්වය ලබා දීමට ක්‍රිකට් ආයතනය ලබා දීමට කටයුතු කර තිබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර වාර්තා වැඩි දුරටත් වාර්තා කර සිටිනවා.

තිසර පෙරේරා එක්දින තරග 125කට ක්‍රීඩා කරමින් ලකුණු 1441ක් රැස් කරගෙන සිටින අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍යය ලකුණු 17.51ක්. තිසර පෙරේරා එක්දින තර 125දී කඩුලු 133ක් බිද දමා තිබෙන අතර , ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය 32.62ක් පමණ වනවා.2017 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු ලබා ගත් ක්‍රීඩකයා උපුල් තරංග වීමද විශේෂත්වයකි.

Comments