නෙළුම් කුළුණ දැනට දකුණුු ආසියාවේ උසම ඉදිකිරීම වශයෙන් හඳුන්වනු ලබනවා. මේ ඉදිකිරීම් ලංකාවේ අති විශාල ලෙස කතාබහකට ලක්වුණා.
ලංකාවේ දේශපාලනය වශයෙනුත් මේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර ඉදිරිපත් වුණා. මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මූලිකත්වය ලබා දුන්නේ එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා.
නෙළුම් කුළුණේ අවසන් ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. මෙසේ ඉදිකිරීම් අවසන් අදියරේ කටයුතු කරන අතරතුර ඊයේ දිනයේදී කොළඹ අවට දක්නට ලැබුනේ නෙළුම් පොකුණ කුළුණ දිසාවෙන් ආලෝකයක් දිස් වීමයි.මෙම දැවැන්ත නෙළුම් කුළුණේ පත්ර අවට ප්රදේශ ආලෝකමත් කරමින් ඉතා මනස්කාන්ත අන්දමින් කොළඹ නගරයේ පුරාවටම දක්නට ලැබුණි.
තව නොබෝ දිනකින් මෙම නෙළුම් කුළුණේ ඔබ අපි හැමෝටම වැඩ අවසන් වූ විට බලන්නට හැකි වේවි.
එම මොහොතේ අපේ මිතුරු මිතුරියන්ගේ ජංගම දුරකථන වල සටහන් වූ ජයාරූප කීපයක් පහතින් නරඹන්න
Comments
Post a Comment